Contact Us via +65-9151-6992 or enquiry@purelankan.com
+65-9151-6992 enquiry@purelankan.com
Close
+65-9151-6992 enquiry@purelankan.com

Gini Wedunu Sithaka Kavi

$ 2.00

Author: Thamilini Jeyakumaran

Description

ඇය උපන්නේ සාමාන්‍ය ගැහැණු දරුවෙකුට හිමි සියලු සිහින උරුම කරගෙන ය.
එහෙත් ඇගේ තරුණු වියේදී උතුරේ ඇති වෙමින් තිබු සමාජ දේශපාලනික වාතාවරණය විසින් ඇය බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය කරා තල්ලු කරනු ලැබූ අතර ඇය එල්.ටී.ටී.ඊ සංවිධානයේ කාන්තා දේශපාලන අංශයේ ක්‍රියාකාරී සාමාජිකාවක වන්නේ ඒ අනුවය.
එහෙත් කල් යත් ම ඇය තමන් ජනතාව වෙනුවෙන් පැතු විමුක්තිය එයින් නොලැබෙන බව දැන ගන්නා අතර ඉන්පසු බෙදුම්වාදී යුද්ධයේ නිරර්ථක බව සියැසින් දැක එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකලාපය පිළිබදව ද නිහඩ විවේචනාත්මක ඇසකින් බලා සිටියාය.
යුද්ධයේ අවසාන භාගයේදී ඇය හමුදාවට භාර වීමට තීරණය කරන්නේ ඒ අනුවය.
පුනරුත්ථාපනය වී නිදහස ලැබීමෙන් පසු විවාහ දිවියට එළඹෙන ඇය ඉතා අවාසනාවන්ත ලෙස පිළිකා රෝගයට ගොදුරු වී මෙලොව හැර ගියේ තම දයාබර ජීවන සහකරු සමග සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් සිටියදී ය.

තිස් වසරක් පුරා ශ්‍රී ලංකාවේ උතුරත් දකුණත් වෙන් කරමින් ඇවිළ ගිය බිහිසුණු යුද්ධයේ පැතිකඩක් හෙළි කරන ඇගේ මේ කතාව දකුණේ අපට මෙතෙක් කල් මග හැරුණු උතුරේ සහෝදර හදවත්වල කම්පනය නොමදව දැනෙන්නට ද සලස්වයි.

  Thamilini Jeyakumaran  

ShareShare on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedIn

Additional information

No. of pages

41

Preview

https://purelankan.com/wp-content/uploads/2017/10/Gini-Wedunu-Sithaka-Kavi-Preview.pdf

Publisher

Thothanna Publishing House