Contact Us via +65-9151-6992 or enquiry@purelankan.com
+65-9151-6992 enquiry@purelankan.com
Close
+65-9151-6992 enquiry@purelankan.com
Sale!

Inka Desheyen Hela Bimata

$ 4.00 $ 3.00

Author: Sudath Podirathna

Description

සංචාරය යනු දූරංගම වූත්, ඒකචාරි වූත් සිත නුහුරු නුපුරුදු පරිසරයක බැද තබන භාවනාවක් වැන්න. එබදු
ගැඹුරැ බවුන් වැඩීමකට සුදුසු කමටහන් සොයමින් දස දෙනෙකුගෙන් සමන්විත සංසාර මිත්‍ර සමාගමක් වූ ඔවුන් ස්ටෙප්ස් මහා තණබිම හරහා සයිබීරියානු දුම්රිය මඟෙ අවසානය දක්වාත්, එතැන් සිට අසම්මත මං පෙත් ඔස්සේ මොන්ගෝලියානු කුඩාරම්වල රැය පහන් කරමින් සම්පුර්ණ කළ එම ආශ්චර්ය ජනක දෙශාටනය “සයිබීරියාවෙන් පෙරදිගට” නමින් පලවූ සුදත් පොඩිරත්නයන්ගේ පළමු සංචාරාඛ්‍යානයයි.

“ඉන්කා දේශයෙන් හෙළ බිමට” සුදත්ගේ දෙවන සංචාරාඛ්‍යානයයි. දකුණු ඇමරිකාවේ පේරු දේශයේ ඉන්කාවරුන්ගේ සුර්ය ශිෂ්ටාචාරයේ නිජබිම හරහා ඔවුන්ගේ (ඉන්කාවරුන්ගේ) පා සටහන් රැදුනු ගිරි හෙල් ඔස්සේ ජීවිතය පරදුවට තබා පා ගමනින් ගමන් කරමින්ද, සුන්දර ටිටිකාකා විල අසල නැවතී, අර්නස්ටෝ චේ ගුවේරාගේ අවසන් සුසුම් රැඳුන බොලීවියාවේ දී මහා ඇමසන් නදියේ ඇමසන් ප්‍රධාන ශාඛාවක් වන බෙනී නදිය දිගේ ජල දුර්ග තරණය කරමින්ද, හොරුන් මං පහරන්නන් ගහණ මං පෙත දිගේ ඔවුන් පැමිණි මෙම බිහිසුණු ගමන ත්‍රාසයෙන්, භීතියෙන්, සුන්දරත්වයෙන් මොනවට කැටිවූ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම අසම්මත් චාරිකාවකි. තමන් අත්විඳි පරිසරයේ ගහකොළ, සතාසීපාවා මෙන්ම තමන්ට හමුවූ ජනි ජනයාගේ ගති සොබාද පිළිබඳ තියුණු නිරීක්ෂණයක් වූ “ඉන්කා දේශයෙන් හෙළ බිමට” තුළින් සුදත් පොඩිරත්නඅධිරාජ්‍ය කොල්ලකෑමට දැඩිසේ ලක්වූ ලතින් ඇමෙරිකාවේ ජනයාගේ ජීවන සෝකයේ වේදනාබර මුණුමුනුවද අපගේ අන්තර්ඥානයට සමීප කරවන්නේ බඳුනේ පැසී ඉහිරුනු කිරි යොදයක් බඳු සංයමශීලී ආඛ්‍යාග රීතියකිනි.

– ප්‍රවීන ගීත රචක මහින්ද චන්ද්‍රසේකර –

Author : Sudath Podirathna

ShareShare on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedIn

Additional information

No. of pages

329

Preview

https://purelankan.com/wp-content/uploads/2017/08/Inka-Desheyen-Hela-Bimata-Preview.pdf

Publisher

Tharanji Printers

Reviews

There are no reviews yet.

Be the first to review “Inka Desheyen Hela Bimata”

Your email address will not be published. Required fields are marked *

X